Saturday, October 22, 2011

මිලිනවු මල් අතරේ පුදීන්නට වෙර දරණ තවත් කැකුළු.......

දිනෙන් දින ගෙවෙන කාලය අතරින් ඉදිරියට ඇදෙන සොඳුරු මිනිසුන් අතරේ මොහොතින් මොහොතට එකින් එක පැතුම් විසිරි යන හෙට හෙට දිනයේ හිමිකරුවන් කොතෙක්දැයි නොදත් පුංචි රන් බිමේ තවත් රන් දරුවන් දෙදෙනෙක් ගැන වචනයක් හෝ ලියන්නට මා කනගාටු වන්නේ මොවුන්ගේ හෙට දිනය මට තනන්නට නොහැකි නිසාවෙනි..
       උදැසන ලැබූ විවේකයෙන් මොහොතක් වැය කලේ සිළුමිණ පුවත් පත සඳහාය.දේශයේ පුවත් මොහොතකට දැක ගන්න ගොඩ වැදුන ගමන නතර වූයේ   විශේෂාංග හී එක්තරා පාඨයක් මතය."මේ පුතුන්ට නිල් අහස දකින්න උදවු කරන්න" මට එහි තේරුම වටහා ගැනීමට නම් වැඩි කාලයක් ගත නොවිය.සුභද්‍රා දේශප්‍රිය ,යන අය අතින් තැබූ මෙම සටහනේ මගේ සිත කෑගසා හඬන්නට විය,

        පදියතලාව  ,දොරකුඹුර ,මරංගල අංක 92 යන නිවසේ ඩී.එම්.ගුණවර්ධන පියාටත් ඩී.එම්.ඉන්ද්‍රා මවටත් පුතුන් දෙදෙනෙක් සහ දියණියන් දෙදෙනෙකි ,එහෙත් අවාසනාව නම් පිරිමි දරුවන් දෙදෙනාටම හෙට දින දකින්නට දෙනෙත් කාරුණික නොවීමයි,පවුලේ වැඩිමලා වන්නේ උදේශිකා ප්‍රියදර්ශනි දියණියයි,ඇයද රාත්‍රී අන්ධ භාවයෙන් පෙළේ..සමීර සහ ලක්මාල් පුතුන් දෙදෙනා කුඩා කල සිටම අසාමාන්‍ය වර්ධනයෙන් පෙළෙන අතර පේරාදණිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස  වෛද්‍යවරුන් දැනුවත් කළද ආර්ථික පහසුකම් හමුවේ වියකි ගියේ අසරණකම නිසාවෙනි.

          වේල් හයක් දිනකට බුදින රත්‍රන් දරු පැටවූ දෙදෙනාට රැකියා විරහිත දෙමාපියන්ට කළ හැක්කේ කුසගිණි නිවීම පමණක් බව දෙමාපියන් සඳහන් කරයි.පාසල මිණිපනක් වූ මගේ දේශයේ සමීරට සහ ලක්මාල්ට නම් නිමි පහනක් වූයේ අන්ධභාවය හේතුවෙනි,හයක් හතරක් නොතේරෙන ළමා ළපටින්ට මෙතරම් දඬුවමක් දෙන්නට සොබාදහම මෙතරම් අකාරුණික වූයේ මන්දැයි මගේ සිත කැ ගසන්නේ මා ගොළු නිසාවෙන්ද..?
නැතිනම් සොබාදහම බීරි නිසාවෙන්ද...?


         රජයේ රෝහලකට දරුවන් රැගෙන යන්නට නොහැකි මේ මවුපියන් දරුවන් පාරේ දමා යන තිරිසනුන් හමුවේ වැරදි නැත.එහෙත් දරුවන්ගේ අනගාතය කාහට බාර කරන්නද.සියල්ල මුදලට විකිණෙන වාණිජ ලෝකයේ දෙවි දේවතාවන් වැනි සොඳුරු මිනිසුනේ ,හැකිනම් හෙට දින එලිය කරන්නට අලුත් පැතුම් ගෙන එන්නට පුංචි සිත් වලට හැකි අයුරින් දිරිය දෙන්න පුළුවන් ඇති හැකි අය ඇතිනම් මේ දුරකථන අංකයෙන් විස්තර ලබා ගන්න..0776321568..

සොඳුරු පැතුම් මල් එකිනෙක කඩා හැලෙන රත්‍රන් ළපටින් හමුවට ඔබේ ධෛර්යය එකතු කරමින් නිමල පැතුම් ලොවට දායාද කරන්නට මා දරණ වෑයම සඵල කරන්නට ඔබටත් හැකිනම් ඔබේ සිතට ඔබට හඬ ගා කියන සතුට මා අත්  විඳින්නේ දුක මට දැනෙන නිසාවෙනි.සොඳුරු මල් හමුවේ පරවෙන කැකුළු අතරට නොවටී පුදින්නට දිය පොදක් වෙමින් හින්නට ඔබ සැමට හැකි වේවායි පතමින් නැවතත් හමුවක් එන තුරු ගිහින් එන්නම් .....
      දයාබර ගොළුවා ..!

No comments:

Post a Comment