Saturday, October 22, 2011

මිලිනවු මල් අතරේ පුදීන්නට වෙර දරණ තවත් කැකුළු.......

දිනෙන් දින ගෙවෙන කාලය අතරින් ඉදිරියට ඇදෙන සොඳුරු මිනිසුන් අතරේ මොහොතින් මොහොතට එකින් එක පැතුම් විසිරි යන හෙට හෙට දිනයේ හිමිකරුවන් කොතෙක්දැයි නොදත් පුංචි රන් බිමේ තවත් රන් දරුවන් දෙදෙනෙක් ගැන වචනයක් හෝ ලියන්නට මා කනගාටු වන්නේ මොවුන්ගේ හෙට දිනය මට තනන්නට නොහැකි නිසාවෙනි..
       උදැසන ලැබූ විවේකයෙන් මොහොතක් වැය කලේ සිළුමිණ පුවත් පත සඳහාය.දේශයේ පුවත් මොහොතකට දැක ගන්න ගොඩ වැදුන ගමන නතර වූයේ   විශේෂාංග හී එක්තරා පාඨයක් මතය."මේ පුතුන්ට නිල් අහස දකින්න උදවු කරන්න" මට එහි තේරුම වටහා ගැනීමට නම් වැඩි කාලයක් ගත නොවිය.සුභද්‍රා දේශප්‍රිය ,යන අය අතින් තැබූ මෙම සටහනේ මගේ සිත කෑගසා හඬන්නට විය,

        පදියතලාව  ,දොරකුඹුර ,මරංගල අංක 92 යන නිවසේ ඩී.එම්.ගුණවර්ධන පියාටත් ඩී.එම්.ඉන්ද්‍රා මවටත් පුතුන් දෙදෙනෙක් සහ දියණියන් දෙදෙනෙකි ,එහෙත් අවාසනාව නම් පිරිමි දරුවන් දෙදෙනාටම හෙට දින දකින්නට දෙනෙත් කාරුණික නොවීමයි,පවුලේ වැඩිමලා වන්නේ උදේශිකා ප්‍රියදර්ශනි දියණියයි,ඇයද රාත්‍රී අන්ධ භාවයෙන් පෙළේ..සමීර සහ ලක්මාල් පුතුන් දෙදෙනා කුඩා කල සිටම අසාමාන්‍ය වර්ධනයෙන් පෙළෙන අතර පේරාදණිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙස  වෛද්‍යවරුන් දැනුවත් කළද ආර්ථික පහසුකම් හමුවේ වියකි ගියේ අසරණකම නිසාවෙනි.

          වේල් හයක් දිනකට බුදින රත්‍රන් දරු පැටවූ දෙදෙනාට රැකියා විරහිත දෙමාපියන්ට කළ හැක්කේ කුසගිණි නිවීම පමණක් බව දෙමාපියන් සඳහන් කරයි.පාසල මිණිපනක් වූ මගේ දේශයේ සමීරට සහ ලක්මාල්ට නම් නිමි පහනක් වූයේ අන්ධභාවය හේතුවෙනි,හයක් හතරක් නොතේරෙන ළමා ළපටින්ට මෙතරම් දඬුවමක් දෙන්නට සොබාදහම මෙතරම් අකාරුණික වූයේ මන්දැයි මගේ සිත කැ ගසන්නේ මා ගොළු නිසාවෙන්ද..?
නැතිනම් සොබාදහම බීරි නිසාවෙන්ද...?


         රජයේ රෝහලකට දරුවන් රැගෙන යන්නට නොහැකි මේ මවුපියන් දරුවන් පාරේ දමා යන තිරිසනුන් හමුවේ වැරදි නැත.එහෙත් දරුවන්ගේ අනගාතය කාහට බාර කරන්නද.සියල්ල මුදලට විකිණෙන වාණිජ ලෝකයේ දෙවි දේවතාවන් වැනි සොඳුරු මිනිසුනේ ,හැකිනම් හෙට දින එලිය කරන්නට අලුත් පැතුම් ගෙන එන්නට පුංචි සිත් වලට හැකි අයුරින් දිරිය දෙන්න පුළුවන් ඇති හැකි අය ඇතිනම් මේ දුරකථන අංකයෙන් විස්තර ලබා ගන්න..0776321568..

සොඳුරු පැතුම් මල් එකිනෙක කඩා හැලෙන රත්‍රන් ළපටින් හමුවට ඔබේ ධෛර්යය එකතු කරමින් නිමල පැතුම් ලොවට දායාද කරන්නට මා දරණ වෑයම සඵල කරන්නට ඔබටත් හැකිනම් ඔබේ සිතට ඔබට හඬ ගා කියන සතුට මා අත්  විඳින්නේ දුක මට දැනෙන නිසාවෙනි.සොඳුරු මල් හමුවේ පරවෙන කැකුළු අතරට නොවටී පුදින්නට දිය පොදක් වෙමින් හින්නට ඔබ සැමට හැකි වේවායි පතමින් නැවතත් හමුවක් එන තුරු ගිහින් එන්නම් .....
      දයාබර ගොළුවා ..!

Friday, August 19, 2011

ලියන්න දෙයක් නැද්ද....?

කාලය නම් ගස් වල කොළ වේලෙනවා වගේ ගෙවිලා යනවා.....                             
                මට මේ හැම දේම දැනේනවා.මතකයි දිගටම ලියන්න හිතුවා,නමුත් ඉන්නේ වැලිකතරේ නිසා මුතු ඇටේ සොදුරු සිත් ගැන ලියන්න මට අපහසුයි වගේ දැනුනා,එත් කිසිම දිනක අමතක කරන්නේවත් අමතක වෙලාවත් නැහැ..කලින් මම ලිව පුංචි දුවට මට පුළුවන් විධියට මම සරණක් උනා,මම හිතනවා ඒ දුව ගේ හිතට යම් ආකාරයක සතුටක් ඇති කියලා.....මට ඒක ඊට වඩා සතුටක්.

...................................මගේ හිතට එන හැමදේම කැගහලා කියලා මේවා ඉෂ්ට සිද්ද කරන්න ඇතිනම් මට තවත් දෙයක් නැති තරම් මේ ලොව.මොනවා කරන්නද ? ඒකට වාසනාව මට නැහැ .සොඳුරු සිතක් හඬන තරම් මට ලියන්න ඕන නැහැ,මගේ කාලය මට වටිනවා.නොවටිනා කාලය වෙනත් අයෙකුට වටිනා කමක් අරන් දෙන ඒක තමා මගේ උත්සාහය....
              මම අයේ අලුතෙන් ලියනවා,මට ලොකු ශක්තියක් ලියන එක.තමන්ගේ හිතට එන දෙයක් මාත් එක්කලා අපිත් එක්කලා බෙදා ගන්න මම හැමෝටම ආරාධනා කරනවා.අලුත්ම අලුත් දෙයක් ගැන ඉක්මනටම ලියන්න පොරොන්දු වෙලා අදට යන්නම්.සැමට ජයෙන් ජය........

Sunday, May 1, 2011

අපිත් අපිට හැකි අයුරින් මේ දුවටත්,පුතාටත් උදව් කළොත් කොතරම් සතුටක් අපේ සිත් වල ඉතිරි වේද?


එක ඉත්තකයි පිපුනේ මේ මල් දෙකම
අද මැලවිලා ඇයිදෝ අකාලෙට
අම්මේ නුඹත් එක් දෙවියෙකි දරැවන්ට
කොහොමද උහුලන්නෙ මේ දුක තනියෙන්ම..


ආයුබෝවන්ඩ කීවා එහෙනම්,,
මට දැනෙන දුක ලියන්නද,මම දකින දුක ලියන්නද? කියන එක තමා අවුල.මං එදා කිව්ව මතක ඇති නේද?අපි හැමෝම එක වගේ නෑ කියලා.මම ඉස්සෙල්ලම තොරතුරැ ගෙන්න හදන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ වෙලම්බොඩ ලොකු අංග ජනපදයේ පදින්චි පුංචි පවුලක පුංචි මල් කැකලු 2ක් ‍ගැන. වයි.එම්. හෂිනි දිලේකා කුමාරි නම් පුංචි දියණියට වයස අවුරැදු අටකි.තැන තැන රවුමට ඉදගෙන ඉදහිට එබිකම් කර බලනා පුංචි සිගිත්තන් අතර හෂිනිට නම් ඉඩක් ‍නොලැබුනේ උපතින්ම ඔත්පලව නිසාය. සහෝදර (අයියා) සමන් බණ්ඩාරටත් හදවතේ සිදුරකි.16 වන වියේ පසුවන සමන් පුතා සාමාන්‍ය පෙළ හදාරයි.
දරැවන් මහ මග දමා යන අම්මලාට ආදර්ශයක් වෙමින් H.M.සෝමාවතී අම්මා දහසක් කම්කටොලු දුක් ගින්දර මැද පුංචි දුවයි පුතයි රැක බලා ගන්නා අන්දම මොන තරම් නම් අපුරැද?
මුහුණු පොතේ **සිත් නිවමු.පිහිට වෙමු ** පිටුවෙන් විශාල සේවයක් ඉටුකරන පුජ්‍ය සේරුවාවිල විමලානන්ද හාමුදුරැවන්ගෙන් ලැබුනු විස්තර‍‍ක් මත තමයි මේ ගැන ඔයගොල්ලන්ටත් කියන්න හම්බ වුනේ. උන්වහන්සේ විසින් කරන මේ සේවය අතිමහත්.මට කතා කරන්න බැරි වුනත් මට යමක් කරන්න පුලුවන් කියන විශ්වාසයේ නිසයි මේ කතාව ඔයාලට කියන්න හිතුවේ.ඉතින් මේ වගේ අසරණ උදවියට පිහිට වෙන එක ගොඩාක් පින් සිද්ද වෙන වැඩක්. අපිත් අපිට හැකි අයුරින් මේ දුවටත්,පුතාටත් උදව් කළොත් කොතරම් සතුටක් අපේ සිත් වල ඉතිරි වේද?
ඔයගොල්ලො මොකද්ද මේ ගැන හිතන්නේ කියලා මට ලියන්න...........මට තවත් තොරතරැ ගෙන්න ධෛර්යයක් දෙන්න........
.එහෙනම් ගිහින් එන්නම් කිව්ව‍ා.හැමෝ‍ටම ජය වේවා!!!!!!!!!!!!

Tuesday, April 26, 2011

ඔබේ දෙනෙතින් දකින සොදුරු ජීවිත ගැන මගේ දෙනෙත් දකින අයුරු.....................

එහෙනම් හැමෝටම ආයුබෝවන්ඩ කීවා !!!!
අරමුණක් ඇතිව පටන් ගත්ත නිසා ඔයගොල්ලනගෙ උදව් එක්කලා ඉස්සරහට යන්න තමා හිත...........හැබැයි ජීවිතේ කියන්නේ හරි පුදුමකාර දෙයක්,අපි බලාපෙ‍ාරොත්තු වන දේ ලේසියෙන් අපට ලැබෙන්නේ නෑ.අපි හැමෝම මිනිස්සු.එත් අපි කවුරුවත් අංග සම්පුර්ණ නෑ....

මාත් ඒ වගෙ නේද?ගොලුවෙක් තමා මං, ඒ උනාට සුන්දර වගේම අසුන්දර දේ දකින්න ඇස් දෙකක් තියෙනවා.මම දැක්ක සුන්දර දේ වගේම අසුන්දර දේ ලියන්න හිතෙන්නෙ මේ විදියට...........

යථාර්ථවාදී සොදුරු මිනිසුන් සොයා යන මේ ගමනට ඔබේ උදව් මහත් පිටුවහලක් වෙනවා නොවනුමානයි........